Thursday, July 21, 2016

ඒ ලමයට බඩේ අමාරුව හරි දරුනු පාටයි...

ඔපීසිය කියන්නේ මහ අරුම පුදුම පොට් එකක්ය...
ගුස්ති කාරයෝ..
අයි.ආර්.සී කාරයෝ...
මැරයෝ...
පැනියෝ...
විතරක් නෙමෙයි සමනලයින්ගෙන්ද අඩුවක්ම නැතිය....
ඒ ඔක්කොමත් එක්කම පන්දමාලා , කේලම් කාරයෝ , ගුලි කාරයෝත් නැත්තේම නැතිය...
කොකා වැඩ කොරන ඔපීසියත් ඒ ජාතියේම එකක්ය...
ලොක්කා නම් මෙලෝ රහක් නැති එකෙක්ය...
හිටි ගමන් චූන් වෙන සතේ තුන් පාරට වියදම් කොරන කුම්මැහියෙක්ය...
පඩියත් සමහර මාස වලට ලැබෙන්නේ වාරික විදිහටය....
ලොක්කා ඉතරක් නම් කමන්නේ නැතිය..ඉද හිට ලොක්කාගේ අඹුවද ඔපීසිය ඇවිත් අපිට පරිප්පු හොදි ඇතිලි පිටින් සැට් කොරයි..
උන් දෙන්නා එහෙම වෙච්ච එකට වැරැද්දක් කියන්නටත් බැරිය..
මොක්ද ඔපීසියේ ඉන්න අනිත් උනුත් ඒ ජාතියටම ගැලපෙන උන්ය....
අන්තර් ජාලය අයුතු ප්‍රයෝජනයට යොදා ගන්නවාය...
පේස් බුක් යනවාය...

Friday, July 15, 2016

බැංකුවේ සීන් එක

කොකාට මේ දවස් වල නම් පුල්ම බිසී ඩේස් ය...
එහෙන් මෙහෙන් එන වතු උදලු ගාන කෝස් සිමෙන්ති අනන සෙනාරියෝ ඒ ඉතරක්ම නෙමෙයි ඉද හිට ඉස්සරහ ගෙදර අක්කාගේ බබා බලාගන්න වෙන කේසුත් එක්ක ජීවිතේම පුල් අන්දොස් වෙලාය...
තනිකරම සමාජ ආස්සරයෙන් කොන් වී සමාජ රෝගියෙක් මෙන් ගෙදරමය..
බෝක්කුව උඩ සැට් වෙන්නට වත් වෙලාවක් නැති තරම්ය...
දවස් තුන හතරකට පස්සේ ගෙදරින් එලිය පැන්නේ අදය...
බෝක්කුව උඩ සැට් වෙන්නට හිතාන මමත් බෝක්කුව දිහාට සෙන්ටි මෙන්ටල් උනෙමි...
මම යනකොටත් සභාවාරය පටාන් අරගෙනය...
උන් ආගිය තොරතුරු කියව කියවා ඉන්නවාය.,....
මේ දවස් වල රටේ ලෝකේ තියන දැවෙන ප්‍රශන මොනාදැයි දැන ගන්නට උවමනා නිසාම මම සේප් එකේ අයිනක් අල්ලන් කතා බහ අහන් උන්නෙමි...
අනුරයා කියන හැටියට මේ දවස් වල ලංකාවේ තියන පෙරිය කශ්ටම් එක මොකක්දෝ බැංකුවක හුට්ටප්පරයක්ලුය...

Monday, July 04, 2016

යකෝ සල්ලි ගස් වල හැදෙනවා නම්

අඩෝ කොකා..
මම අනුරයා...
හෙට උදේම පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉදපන් හරිද...
ඈ ඒ කොහෙද....
මෙ මේ පොඩි ගමනක්...
කෙල්ලෙක් බලන්න...
මේ තව එකක්...උබේ වෙන්න මස්සිනගේ කාර් එකත් පොඩක් ඉල්ලන් වරෙන්කො...
හෑ....උබ කෙල්ලෙක් බලන්න ද යන්නේ කෙල්ලෙක් එක්ක පැනලා යන්නද හදන්නේ...
උබ අරන් වරෙන්කො හොද එකා වගේ..මට ලයිසොන් නෑ..උබට තමා එන්න වෙන්නේ කාර් එක අරන්...ඔව්...
අහ් හරි හරි මම මොකක් හරි සෙන්ටි මෙන්ටල් පාරක් ලයින් කර ගන්නම්...
අක්කට ද දොලොස් පාරක් කන්නලව් කොරායින් පස්සේ වෙන්න මස්සිනාගෙන් පුල් ටෑන්ක් පෙට්‍රල් එක්ක කාර් එක මට මෙව්වා උනි...
වන්ඩියත් අරන් ලගදි හන්දියේ කඩෙන් ගෙවන්න ගත්ත තාම වාරික හතලිහක් විතර ගෙවන්න තියන පෝන් කට්ටත් අරම් කිට මරාගෙ කොල්ලා අනුරයාගේ කෑල්ල බලන්න සෙන්ටි මෙන්ටල් උනෙමි...