Saturday, February 28, 2015

- විල්ගේ ලෝක සවාරිය පලමු දිගහැරුම -

ඇනස්ටීන් මිස් පංතියේ කට කැඩෙනකම් කිව්වත් විල් හිතන්නේ අපි ඉන්නේ රොටියක් වගේ ලෝකෙක කියල...
ඇනස්ටීන් මිස් ඕව දන්නෙ කොහෙද මං තරම්...
බෝලයක් උඩ අපිට හිටන් ඉන්න බෑ නේ...
අපි ඉන්නේ රොටියක් උන....ඔව් තැටියක් වගේ රොටියක් උඩ...
විල් තනියම කල්පනා කර ගමන් ඉරුන කැන්වස් සපත්තුව කොනින් එලියට පැනපු මාපට ඇගිල්ලෙන් පොලොවේ ඉරි අදින්න ගත්තා....ගෙදර දුම් කවුලුව පිරිසිදු කරන්නත් තියනවා.විල් ට හදිස්සියේම මතක් උනා....නැත්තම් අද හවසට පුංචි අම්ම ජේන් ගෙන බැනුම් අහලා සෑම් බාප්පගෙන් ටොක්කකුත් කන්න වෙයි...

පහුගිය සීත කාලේ තිබුනු දරුණු හිම කුනාටුවකට විල් අම්මා තාත්තා එක්ක අස්සකරත්තේ යද්දි අහු වෙලා අම්මයි තාත්තයි දේවදූතයෝ එක්කන් ගියාට පස්සේ විල් හැදුනේ වැඩුනේ පුංචි අම්මා ජේන් ලග....
පුංචි අම්මටත් විල් ගේ වයසෙම පුතෙක් හිටියත් විල් ඒ බතලයාට වැඩි කැමත්තක් තිබ්බේ නෑ...
කටුස්සෙක්වත් අල්ලන්න දන්නේ නැති මහ බයගුලු බතලයෙක්....
විල් බෙනි ගැන හිතුවේ එහෙමයි...
විල් ට බෙනි පේන්න බෑ වගේම බෙනීත් විල්ට වෛර කරා...
මහ දගකාර වදකාර කොල්ලෙක් විදිහටයි විල් ව බෙනී දැක්කේ....
හිටිය තැනින් ඉක්මනට නැගිට්ට විල් ඉක් ඉක්මන ගේ දිහාවට ඇවිදගෙන ගියා....
ගබඩා කාමරෙන් පරන කොහු බුරුසු දෙක තුනක් හොයා ගත්ත විල් දුම් කවුලුව දිගේ උඩට බඩගෑවා....
ඇග පුරාම දැලි ගා ගන්න ගමන් විල් කොහු බුරුසු වලින් මුලු කවුලුවම පිරිසිදු කරා...
වැඩේ ඉවර කරලා පහලට ආපු විල්ව පිලි ගන්න දුම් කවුලුව ගාව හිටියේ බෙනී...
පුරුදු විදිහටම අර මහ අමුතු හිනාව දා ගත්ත මහත අප්‍රසන්න මූන....

අහ්....දැලි කුමාරයා...උඩ කටුස්සො හිටියේ නැද්ද...


යනවා යන්න බතලයා.....

දැලි කුමාරයා...

බතලයා....

කටුසු කුමාරයා....දැලි කුමාරයා.....
යැයි තාලයකට කියමින් බෙනි ගේ ඇතුලට යද්දි
බතලයා......බතලයා....යැයි තාලෙට කියමින් විල් එලියට ඇවිදන් ගියා.....
අද නම් මේකගේ කාමරේට කටුස්සෙක් දාන එක දානවමයි කියලා විල් තනියම හිතා ගත්තා....
************************************************

හවස හැරී එක්ක විල් කැලේට රිංගුවේ බෙනී ගේ කාමරේට දාන්න හොද කටුස්සෙක් හොයා ගන්න හිතාගෙන....

හැරී...අද හොයා ගන්න ඕනේ ලොකු කටුස්සෙක්...
 අර බතලයගෙ මුනට වඩා ලොකු එකෙක්....

මොනවා නොතෙරුනත් හැරීට කටුස්සා කියන එක තේරුන නිසා...හයියෙන් දෙපාරක් උඩ පැන පැන බිරුවා ....

යුද්දයකට යන සෙබලෙක් වගේ හැරී කටුස්සෙක් හොයන්න කැලේ ඇවිදිනවා....
ගමේ කිසිම කෙනෙක් කැලේ වැඩි පුර ඇවිද්දේ කරේ නැති උනාට විල් ගැන හොයන්න බලන්න හැම වෙලේම කෙනෙක් නැති නිසා විල් මේ කැලේ ගොඩක් තැන් වල ඇවිදලා තිබුනා...
ඒ ඒ තැන්වලට විල් එයාගෙම නම් දාලාත් තිබුනා...
ලස්සන මල් තිබුනු කොටස විල් ගේ මල් වත්ත...එතකොට පලතුරු තිබුනු කොටස පලතුරු වත්ත...

හැරී අද පලතුරු වත්තට යමු..
වුහ්....වුහ්...
හැරී කැමැත්ත පල කරා...
*******************************************************
පලතුරු වත්ත කිව්වට විල්ට තියෙන්නෙ පලතුරු වත්තක් නෙමේයි....
පලතුරු යායක්....
පීච්,ස්ට්‍රොබෙරි,බෙරි,බ්ලු බෙරි,වොල්ට්නට් ගස් පිරිච්ච පලතුරු යායක්....කොච්චර කෑවත් කවුරුත් මුකුත් නොකියන පලතුරු යායක්....
ගමේ අය නම් මේ කැලේ ඇතුලට එන්න බය ඉස්සර මේ කැලේ නපුරු මාය කාරියෙක් ජීවත් උන නිසාලු...
ඉරිදා ඉස්කෝලේ උගන්නන රීටා නෝනා කියන විදිහට මේ කැලේ ගස් වලට පන තියනවලු....
ඒ මායා කාරි මේ ගස් වලට පන දුන්නා කියල තමයි කියන්නේ...
පන තියන ගස් විතරක් නෙමෙයි....
මායාකාරි හංගපු තවත් ජාති මේ කැලේ ඕනෙ තරම් ඇති කියලා තමයි රීටා නෝනා කියන්නේ...විල්ටත් කාලයක් මායා කාරයෙක් වෙන්න ඕනේ වෙලා තිබුනා...
ඒත් මායාකාරයනව ගිනි තියලා මරනවා කියලා දැන ගත්තට පස්සේ විල් ඒ අදහස අත ඇරියා...
මේ සරත් කාලේ...
වොල්ට්නට් ගෙඩි හැදෙන කාලේ....
කටුස්සන් දඩයම් කරන්න කලින් වොල්ට්නට් ගෙඩියක රහ බලන්න විල්ට ආසා හිතුනා...

හැරී යමු...වෝල්ට්නට් ගස් තියන පැත්තට...

විල් වේගයෙන් ඒ පැත්තට දුවන්න ගත්තා....

අඩි කීපයක් දුවන්නටත් කලින් විල්ගෙ කකුල මොකකදෝ පැටලුනා....

තනකොල ගොල්ලේ අඩි කීපයක් දුරට උඩින් විසි උන විල් ආයෙ නැගිට්ටේ මොකක්ද ඒ තිබුනේ බලන්න.....
පරන රෙදි පටියක් වගේ එකක්....
විල් රෙඩි පටියෙන් අල්ලලා හයියෙන් ඇද්දා...
පස් වලට යට වෙලා තිබ්බ පරන පසුම්බියක් වගේ එකක් පස් විසි කරගෙන උඩට ආවා...
පරනම පරන හම් මල්ලක්....

මගේ කකුලේ පැටලිලා තව පොඩ්ඩෙන් මං ඉවරයි....
විල් තනියම කියා ගත්තා....

හම් මල්ල ඇතුලේ පුන්චි කුප්පි තුන හතරකුත් තිබුනා....
කාලයක් පස් යට තිබුනු නිසා පඩු පාට වෙච්ච කුප්පි ටික අතට ගත්ත විල් හරව හරව බැලුවෙ ඇතුලේ මොනාද  තියෙන්නේ කියලා.....

ඇතුලෙ තියන ඒවා මොනා උනත් මේ කුප්පි ටිකට කුරුමිනියෝ දාන්න පුලුවන්නේ කියලා විල්ට මතක් උනා.....

කටුස්සො අල්ලන එක පැත්තකින් තියපු විල් ලග පාත ගස් වල හිටපු ලේඩි බර්ඩ් කුරුමිනියො ටිකක් ලොකු ඔලුවෙ අගක් වගේ තියන කුරුමිනියො හතර දෙනෙක් අල්ල ගත්තා.....

කුරුමිනියෝ ගෙදර ගෙනියන්න නියම දෙයක් හම්බුන නිසා කුප්පි වලට කුරුමිනියො පුරව ගත්ත විල් ඒ කුප්පි සාක්කුවට ඔබා ගෙන ආයෙත් වොල්ට්නට් ගස් තියන දිහාට දිව්වා...

වොල්ට්නට් ආසව ඉවර වෙනකම් හැරී එක්ක වොල්ට්නට් කාපු විල් වෝල්ට්නට් ගහක් යට පොඩ්ඩක් හාන්සි උනා....
උදේ ඉදන් දුවලා පැනලා මහන්සි නිසාත් වොල්ට්නට් ගහ යට හෙවන නිසාත් විල්ට පොඩි නින්දක් ගියා....
විල්ගෙ ලගින්ම බිම පෙරලුන හැරිත් වැඩි වෙලා යන්න කලින් විල්ටම එකතු උනා....

********************************************

මේ වොල්ට්නට් හරි රසයි නේ....

මම මේ පලවෙනි වතාවට තනියම වොල්ට්නට් ගෙඩියක් කන්නේ....

මේ ඒක නෙමයි...කොමඩු ගෙඩියකුත් කමුඩ අපි....

විල්ට යන්තම් කවුදෝ කන ලග ඉදන් කතා කරන සද්දයක් ආවා...

හෙමින් සැරේ කම්මැලිකමින් ඇස් ඇරලා බලපු විල් එක පාර ගැස්සිලා ඇහැරුන...

විල් තරම්ම ලොකු කුරුමිනියෝ හතර දෙනෙක් රවුමට වාඩි වෙලා වෝල්ට්නට් කනවා....

ආ...කොහොමද....

සෑම්...අන්න අපේ යාලුවා නැගිටලා...

රවුමේ පලවෙනියට හිටපු ලේඩි බර්ඩ් හිනා වෙවී කිව්වා...

ඇස් ලොකු කරන් බලපු විල් හෙමීට අත කොනිත්ත ගත්තා....
තාම ඇහැරිලා නැද්ද කියලා දැන ගන්න....
නෑ...

මම ඇහැරිලා ඉන්නේ....එතකොට මේ කුරුමිනියෝ ඇත්ත එවුන්...
විල් තනියම කල්පනා කරා...

ඔයාලා...
ඇත්තම අය....

ඔව්...

ලෙඩි බර්ඩ් හිනා වෙවී උත්තර දුන්නා....

ඔයාලා කතා කරනවා...

ඔව්...අපිත් කතා කරනවා...

ලේඩි බර්ඩ් ආයෙත් හිනා උනා....

විල් ඔයාට මතකද අපි හතර දෙනාව අල්ලලා පුන්චි බෝතල් හතරකට දාගත්තා...මේ වෝල්ට්නට් ගහ ලගට එන්න කලින්...

විල්ට එතකොටයි බෝතල් හතර මතක් උනේ....
නිදා ගන්න කලින් බෝතල් හතර ගහ මුලින් තිබ්බ විල්ට මතක් උනා....

ගහ මුල බලද්දි බෝතල් හතරම බිදිලා ගිහින්....
හැරී එතනට ගිහින් පොඩ්ඩක් ඉව කරල බලා එතන පොඩ්ඩක් ලෙව කෑවා...
හැරී එපා...

විල් කෑ ගැහුවා...කිබුහුම් දෙකක් ඇරපු හැරී එතනින් පස්සට උනා....
අපි තමයි ඒ හතර දෙනා.....

මම බර්ඩි
මේ සෑම්
මේ ඩෑන්
මේ රොජර්...

හලෝ විල්.....
කුරුමිනියො හතර දෙනෙක් මාත් එක්ක කතා කරනවා...විල් ට ඇස් අද ගන්නත් බෑ....
හලෝ.....
විල් අමාරුවෙන් වචන ගලප ගත්තා...
හලෝ මම හැරී....
විල් ගෙ පිටි පස්සෙන් ආය කට හඩක් ආවා....

හැරී....?????

ඒ පාර හැරිත් කතා කරනවා....
මොකක් ද මේ විකාරේ කුරුමිනියෝ කතා කරනවා...බල්ලො කතා කරනවා...
විල් ට හිතා ගන්න බෑ....
විල් පිටිපස්ස හැරුනා....

හලෝ විල්....

හැරී...කො..හොම....ද....?

විල්..

බර්ඩිගෙ කට හඩ ආයෙත් ඇහුනා....

අපේ අනිත් යාලුවා තමයි මේ බොබ්....

හලෝ බොබ් කියාගෙන විල් පිටි පස්ස හැරුනේ තවත් කුරුමිනියෙක් බලන්න හිතාගෙන....
කුරුමිනියෙක් වෙනුවට විල් ඉස්සරහා හිටියෙ තමන් තරම්ම ලොකු හැකරැල්ලෙක්....
හලෝ විල්...
බොබ් අත් හයක් විතර එක පාර වනන ගමන් කිව්වා...
කොහොමද....
මම ගෙදරට ගිහින් ආවා මගේ සපත්තු ටික අරන් එන්න...
ඉතින් බර්ඩි...
අපේ අලුත් යාලුවා විලුත් එකතු වෙනව ද ආපේ මේ ගමනට....
මොන ගමනට ද...
විල්ගේ පිටිපස්සේ හිටපු හැරී උඩ පැනලා ඇහුවා....
අපි ලෝකේ වටේ සවාරියක් යන්න හදන්නේ...
...
ඔයාලත් කැමති නම් එකතු වෙන්න පුලුවන්...
මේක හරි ජොලි ගමනක් වෙයි...
වූඋ හූඋ......

බොබ් හරිම ආසාවෙන් අත් විස්සක් විතර එක පාර වනන ගමන් කිව්වා....

ඒ උනාට බොබ්....
විල්ගේ අම්මයි තාත්තයි කැමති වෙයිද දන්නේ නෑ නේ...බර්ඩි කිව්වා...

විල් ඉන්නේ පුන්චි අම්මා ලග...එයාගෙ අම්මයි තාත්තයි ඉන්නේ දේවදුතයෝ ලග...
හැරි විල් ගාව ඉදන් හෙමින් කිව්වා...
විල්...ඔයා කැමති නැද්ද අපි එක්ක යන්න එන්න....
සෑම් බරිඩිගෙ පිටිපස්සෙ ඉදන් ඇහුවා...

ලෝකේ වටේ යන්න....
හැරී හෙමින් මුමුනන ගමන් විල් දිහා බැලුවා...
අර බතලයගෙන් ඈතට...
කෑ ගහන පුන්චි අම්මගෙන් ඈතට...
ටොකු අනින බාප්පගෙන් ඈතට...
මීටත් වඩා සතුටක් කොහෙන්ඩ....
ලෝකේ වටේම යමු....
විල් හෙමින් කිව්වා......

හුරේ...විල් කැමති...වුහ් වුහ්...හැරී උඩ පැන පැන සන්තෝසෙන් බුරන්න ගත්ත....

එතකොට අපි යන්නේ මොකේද.....?
විල් බර්ඩිගෙන් ඇහුවා...

විල් සහ යාලුවො ලොකේ වටේ යන්නේ මොකෙන්ද කියලා ඊලග කොටසින් බලමු....



සටහන
වාසනාවන්ත


No comments:

Post a Comment